පැල්මඩුල්ලේ රැලියට ගල් ගැසූ 2ක් සැකපිට


විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැල්මඩුල්ල ප්‍රචාරක රැලියට ගල් ප්‍රහාරයක් එල්ල කර විශ්‍රාමික විදුහල්පතිවරයකුට තුවාල කළැයි සැකපිට දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියයි.

තුවාල ලබා සිටින සැකකරුවකු පොලිස් ආරක්ෂාව යටතේ කහවත්ත රෝහලේ ප්‍රතිකාර ලබන බවද තවත් කිහිපදෙනකු අත් අඩංගුවට ගැනීමට නියමිත බවද මාධ්‍ය ප්‍රකාශක කීවේය.

ගල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ එච්.ඩී.ඩී.සෙනෙවිරත්න (65) මහතා පැල්මඩුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.