පැල් රැක්ක ගොවියා මරාදාලා


තිරුක්කෝවිල් තාණිඩිඅඩි වට්ටුමඩු කුඹුරක පැල් රකිමින් සිටි තංගවේල් ගුණසේකරම් (38) ගොවියකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

ඝාතනයට සැකපිට 44 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අක්කරපත්තුව සහකාර පොලිස් අධිකාරි කේ.ජේ.එස්. කරුනාසිංහ මහතාගේ උපදෙස් පරිදි තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.කේ. බංඩාර,  අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් එන් පි හේරත්, පොලිස් සැරයන්වරුන් වන 19545 මහින්දපාල,  47142 චන්ද්‍රසිරි, පොලිස් කොස්තාපල්වරුන් වන  37284 යල්අරාව,   83361 ලංකාධිකාර මහත්වරු විමර්ශන පවත්වති.  

thirikkovil--2016-jan-21-1 thirikkovil--2016-jan-21-2 thirikkovil--2016-jan-21-3