මීගොඩ හේනවත්තේ පොල් පැල බෙදීමට ආ කෘෂිකර්ම පර්යේෂණ සහකරුවකු පොල් පැල බෙදද්දී කාන්තාවකට අතවර කරන්නට ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් පසු එම කාන්තාව සැමියාද සමග එම නිලධරයාට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇත. ඔහු පහර කෑමටද ලක්වී ඇතැයි වාර්තාවේ.

