පැරිස් බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල 2013අප්‍රේල් මස 28 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පිහිටි ලාකුරනව් ඩෙ ලානු ක්‍රීඩාංගනයේ දි පැවැත්වීමට යයි.
උමං දුම්රිය පොළ ෆෝර්ට් ඩෙ ඔබවිලියේ හා ලාකුරනව් වේ. එදින උදේ 10 ට ප්‍රංශ ශ්‍රී ලංකා ජාතික ධජ එසවීමෙන් ද සිංහල අලූත් අවුරුදු චරිත්‍රානුකුලව හිසතෙල් ගා දෙමාපියන්ට බුලත් හුරුලූ පිලිගැන්වීමෙන්ද අවුරුදු සංග්‍රහා වලින්ද පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරේ.
ප්‍රංශයේ වෙසෙන බහුතරයක්ලාංකිකයන් සහභාගි වෙන මෙම බක්මහ උළෙල කුඩා දු දරුවන් සඳහා විශේෂ තරඟ වලින් සමන්විතවේ. වැඩිහිටි කඹ ඇදීමේ තරගය සඳහා මේ වන විටත් බංගලිදේශ හා ලාංකික කණ්ඩායම් රාශියක් සහාභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටී. බක්මහා උළෙල අවසානයේ සංස්කෘතික ප්‍රසංගයකි.විහාරාධිපති කෝංගස්දෙණියේ ආනන්ද හිමියෝ මේ උත්සවය සංවිධානය කරති. නගරාධිපතිද ආරාධිතයකි.
තිසරාවි කලායතනයේ නැටුම් ආචාර්ණී දිමිත්‍රි පීරිස්, ශිල්පීනියගේ ශිෂ්‍යය දු දරුවෝ විසින් සංස්කෘතික ප්‍රසංඟය ආලෝකමත් කරති.