පැරීසියේ පිහිටි සියෙල් ලංකා සංචාරක ආයතනයට දස වසරක් පිරීම නිමිත්තෙන් සියෙල් ලංකා ගී සැඳෑව මාර්තු 01 වැනි ඉරුදින සවස හතරට පැරිස් කලාප අංක 20හී පිහිටි බැනියොලේ කතෝලික දේවස්ථාන ශාලාවේදි පැවැත්වීමට නයමිය.
”නොදැක ඉන්න බෑ ... මට නම් මගේ ආදරී ” නම් ගීතයෙන් ශ්‍රී ලාංකිකයන් අතර ජනප‍්‍රියවූ රුවන් හෙට්ටිආරච්චි හා දක්ෂ ටෙලි නාට්‍ය නිළියක් හා ගායිකාවක් වන ශෙරිල් ඩෙකර් නොහොත් අමා මෙම සැඳෑවේ ගී ගැයීමට නියමිතය.
අතරම පැරීසියේ නර්තන කලායතන දරුවන්ගේ නර්තන හා වෙනත් ගීතමය වැඩ සටහන් වලින් ලංකා ගී සැඳෑව වර්ණවත්වේ.


