පැරීසියේ සමාධි කඨින පිංකම


පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ්හි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ  කඨින පිංකම පසුගිය දා පැවැත්විණි.

එහි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම පිංකමට ඩෙන්මාක් හී කොපන්හේගන් විහාරස්ථානයේ  විහාරාධිපති  මාරතුගොඩ උපරතන, ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති   රඹුක්වැල්ලේ දේවානන්ද , ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බෞද්ධ විහාරාධිපති පුජ්‍ය හල්යාලේ විමලරතන, එහි විහාරවාසි අනුරාධපුරයේ සුමණරතන, ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර බෞද්ධ විහාරවාසි  සුදස්සි , පේරාදෙනිය විශ්ව විද්‍යායාලයේ කථීකාචාර්ය වෑතර මහින්ද, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථීකාචාර්ය උඩුගම සුදස්සි , වැල්ලව පුදනාපිටිය රජමහ විහාරාධිපති කුරුනෑගල චන්ද්‍රවංශ, ජර්මනියේ සෙන්ට්ගාලන් හී ශ්‍රී ලංකා මහා විහාරාධිපති  ලේඩියන්ගල සුදස්සී , ගම්පහ විජයවංශ මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති විලච්චියේ කස්සප, දළුපිටිය සාක්‍යසිංහාරාමාධිපති කිරිමැටියාගාරේ සිරිධම්ම සහ  හුරීකඩුවේ විමල යන හිමිවරු ද පිංකමට සහභාගි වූහ.

දහවල් දන්සැලෙන් හා කඨින පෙරහැරෙන් පසු කඨින චීවර පුජාවද, අනතුරුව සවස පවත්වන ලද අටවිසි බුද්ධ පූජාව හා ධර්ම දේශනා වලින් පසු පිංකමේ කටයුතු අවසන් විය.