පැරීසියේ මොහාන් විජේසිංහ අනුස්මරණ ක්‍රිකට් තරඟාවලිය


පැරීසියේ එක්සත් ජාතික පක්ෂය වසරකට වරක්  පවත්වන  මොහාන් විජේසිංහ අනුස්මරණ ක්‍රිකට් ශූරතා තරගාවලිය   පැරීසියට නුදුරු බගතලේ ක්‍රීඩාංගනයේදි පැවැත්විණි. මෙම තරගාවලියට විශේෂ අමුත්තෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වත්මන් වේග පන්දු පුහුනුකරු චම්පක රාමනායක මහතා සහභාගි වුයේය.

අභාවප්‍රාප්ත මොහාන් විජේසිංහ මහතා පැරීසියේ එක්සත් ජාතික පක්ෂය නඟා සිටුවීමට මෙහෙය වෙනුවෙන් මේ තරඟාවලිය නම් කර ඇත.

ඔහු පක්ෂයට ආදරය කළ සිංහල, දෙමළ සියලූ දෙනා අතර ජනප්‍රිය ශ්‍රී ලාංකිකයෙකි. සිංහල,දෙමල,මුස්ලිම් සහජීවනය අපූරුවට විදහා දැක්වූ ඉහත ක්‍රිකට් තරගාවලියට සියලූම ජාතීන්ගෙන් සැදුම් ලත් ශ්‍රී ලාංකික කන්ඩායම් 18ක් සහභාගි විය. එක් කණ්ඩායමකට හය දෙනා බැගින් පන්දු ඕවර  හතරකින් සමන්විත මෙම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීමේහිලා අඡිත් පෙරේරා හා ප්‍රභාත් පුන්නජී පුරෝගාමී වුවෝය. සහභාගි වූ සියලූම කණ්ඩායම් පරදවා කසුන් කස්තුරිගේ සුපර් හිට්ස් තරුණ ක්‍රිකට් කණ්ඩායම 2013 මොහාන් විජේසිංහ අනුස්මරණ ශූරතාවය ජය ගැනීමට සමත් විය.

පැරීසියේ එක්සත් ජාතික පක්ෂ සංවිධානය විසින් ආරම්භ කැරුණු එහි මරණාධාර ඒකකයට ආධාර පිණිස පැවැත්වූ මෙම තරගාවලියේ ප්‍රතිලාභ සංවිධානයේ සමාඡික හා එම පවුල්වල ඥාතීන්ගේ මරණයකදී මුදලින් උපකාර කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා පැවැත්වු ඉහත ක්‍රිකට් තරගා වලියට නන් අයුරින් සහයෝගය දුන් සියලූ දෙනාටම තම සංවිධානයේ ස්තුතිය පුදකර සිටින බව එහි සභාපති අජන්ත කල්දේරා මහතා එසැණට පැවසීය.