පැරීසියේ ධම්ම චක්ක විහාරයේ කඨින පිංකම


පැරීසියේ ලාකුරනව් හී  ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙවර ඔක්තෝබර්  27 වැනි ඉරු දින පැවැත්වීමට නියමිතය.

 කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය  බලන්ගොඩ සෝභිත හිමි, පුවක්ගහහේනේ වජිරඤාණ හිමි, මාපලගම බුද්ධසිරි නායක හිමි, කොළඹ සම්බුද්ධාලෝක විහාරයේ  ශාස්ත‍්‍රපති විතාරන්දෙණියේ මේධානන්ද හිමි ඇතුළු ප‍්‍රංශයේ වාසය කරන භික්ෂූන් වහන්සේලා සමග ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමියන් පිංකම් මාලාවට සහාභාගි වීමට නියමිතය.

විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ හා කාම්බෝජ, වියට්නාම්, ලා ඕස් බෞද්ධ පිංවතුන්ගේ ප‍්‍රමුඛත්වයෙන් මෙම වර්ෂයේ කඨින පිංකම සිදු කැරෙයි. පැරිස් බෞද්ධ විහාර දහම් පාසලේ සිසු දරුවන්ගේ කඨින පෙරහැරක් ද ඒ අතරට එක්වේ. වියට්නාම්, කාම්බෝජ, ලා ඕස, බංගලදේශ, ශ්‍රී ලාංකික බෞද්ධ සිල්වතුන්ගේ සහාභාගිත්වයෙන් කඨින චීවරය පුජා කරනු ලබයි. ඉන් පසු කඨින ආනිසංස ධර්මදේශනා, ඇතුළු බුද්ධ පූජා සිදු කිරීමට නියමිත අතර; අවසානයේ මහා දන්සැලැක් ද පැවැත්වේ.