පැරීසිය එකමුතු කළ යුරෝපා ගී සැඳෑව


යුරෝපයේ   ශ්‍රී ලාංකික ගායක ගායිකාවන් එකම වේදිකාවක ගී ගැයූ යුරෝපා ගී තරු සැඳෑවක්   පැරීසියේදි පැවැත්විණි. පැරීසියේ එවර් සයින් වාදකයන්ගේ සංගීතයෙන් රසවත් වූ මෙම සැඳෑව පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සංවිධානත්වයෙන් පැවැත්විණි.

 පැරීසියේ සංවිධාන නිලධාරීන් හා ක්‍රියාකාරීන්   සහභාගි වූ මෙම සැඳෑවට පැරීසියේ ග්‍රාමසේවක ලෙස හුරතල් නමින් අමතන සමාජ සේවක  පුෂ්පසිරි ද අල්විස්,  සිංහල සංස්කෘතික සංවිධානයේ සභාපති රංජිත් කුලතුංග ඇතුළු එහි ප්‍රධාන නිලධාරීන් වූ ප්‍රධාන සංවිධායක දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සම සංවිධායක ප්‍රංශ ලංකා සුභ සාධක සංවිධානයේ සම ලේකම් සම්පත් වර්ණකුලසූරිය, භාණ්ඩාගාරික කළුපහණ, ජයරත්න යටවර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ සභාපති ඩේමියන් පීරිස්,  එහි ගරු ලේකම් හා භාන්ඩාගාරික වසන්ත ලොකු පතිරගේ, නෙරන්ජන් , යුරෝපා එක්සත් ජාතික පක්ෂ පැරිස් ශාඛාවේ සභාපති රොහාන් දයාදර, ප්‍රංශ ලංකා සංවිධානයේ චමින්ද රාමනායක හා ලොයිඩ් පෙරේරා , සූර්ය උදාව  සුභ සාධක සංවිධානයේ ප්‍රධාන සංවිධායිකා සුසිලා මාන්නප්පෙරුම ,  සිංහල සංවිධානයේ හිටපු සභාපති එජාප ශාඛාවේ උපදේශක අඡිත් රණසිංහ ,  මීගමු සංවිධානයේ හිටපු සභාපති රංජිත් ප්‍රනාන්දු,  එම සංවිධානයේ වර්තමාන සභාපති ජයලත්, පැරීසියේ කිතුනු සංවිධානයේ හිටපු සම ලේකම් ජෝ ප්‍රනාන්දු , ඇතුළු නිලධාරීහු සමග  පැරීසියේ වෙනත් බොහෝ සංවිධාන ක්‍රිකාරීහු ද සහභාගීවූහ.

පක්ෂ , වර්ණ , ජාති , ආගම් හා භාෂා බේදවලින් තොරව සියලූම දෙනා ඒක රාශිවූ යුරෝපා ගී සැඳෑව පැරීසියේ එකමුතුවට වටිනා ආදර්ශයක් වීයැයි එජාප පැරිස් ශාඛාවේ සභාපති අජන්තා කල්දේරා කීවේය.