පැරිසියේ එජාප ශාඛාව නිලවරණය පවත්වයි


එක්සත් ජාතික පක්ෂයේ යුරෝපා සංවිධානයට අනුබද්ධිත ප්‍රංශයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ 2013 නිලවරණය පසුගිය ඉරිදා පැරීසියේදි පැවැත්විණි.

 පැරීසියේ එජාප පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගිවූ එම මහා සභාවේදි සභාපති, ලේකම්, භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු සදහා අනුපිලිවෙලින් රොහාන් දයාදර, ලලිතා බෝකුරාගොඩ හා තමරා මල්කාන්ති  තෝරා පත් කර ගනු ලැබූහ.

 රොහාන් දයාදර  හත්වන වරටත් සභාපති ධුරයට තෝරා පත්කර ගැනීම විශේෂයකි. 1994 වර්ෂයේදි ප්‍රථම වරට මෙම ශාඛාව ආරම්භ කිරීමට පෙරමුණ ගත් වර්තමාන යුරෝපා එජාප සංවිධායක දයා රණතුංග මහාතාගේ ප්‍රධානත්වයෙන් නිලවරණය ඇරැඹිණි.

පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පත්වන එජාප සමහරක් මන්ත්‍රී වරුන් තම  වාසි බලාපොරොත්තුවෙන් පක්ෂය හැරදා ගියද පාක්ෂිකයන්  එදා මෙන් අදත් පක්ෂය ආරක්ෂා කිරීමට උරදෙන බවත් ඒ බව අද මෙම සභාවේදි දැක ගැනීමට ලැබීම සතුටට කරුණක් බවත්, සියලූදෙනා එකමුතුව පක්ෂය ශක්තිමත් කොට ඉදිරියටත් ආරක්ෂා කිරීමට පෙල ගැසෙන ලෙස ඉල්ලන බවත් රණතුංග මහතා කීවේය.