පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි විහාරයේ වෙසක් පිංකම මැයි 26වැනි ඉරිදා උදේ අටේ සිට සවස දක්වා පැවැත්වේ. සිල් සමාදන් වීම, ආගමික වතාවත්දන්සැල හා බෝධි පූජා වලින් සමන්විත මෙවර වෙසක් පින්කම අවසානයේ අලංකාර වෙසක් කූඩු ප‍්‍රදර්ශනයක්ද ඇති බව එහි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියෝ පැරීසියේ ලංකාදීප එසැණට පැවැසීය.