පැරිස් බක්මහා උළෙල විචිත්‍රයි


ප‍්‍රංශයේ ශ්‍රී ලාංකික සිංහල සංස්කෘතික සංවිධානයේ  26 වැනි බක් මහා උළෙල පැරීසියේදි නිමාවිය. සංවිධානයේ නව සභාපති  ප‍්‍රංශයේ ට‍්‍රයිකෝ අධ්‍යක්ෂක  රංජිත් කුලතුංග, ප‍්‍රංශයේ දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති රුවන්සිරි විතානගේ, හා නගර සභා ක‍්‍රීඩා අංශය බාර නිලධරයෝ පිළිවෙළින් සංවිධානයේ, ශ්‍රී ලාංකික හා ප‍්‍රංශ ධජ ඔසවා උළෙල ආරම්භ කළහ. අවුරුදු රබන් හඬ මැද්දේ දෙගුරුන් හා වැඩිහිටියන් නැමදල කැවුම්, කොකිස්, කිරිබත් සංග‍්‍රහ සමග අවුරුදු චාරිත‍්‍ර සිදුකැරිණිග ජාතික ක‍්‍රීඩා ඇතුළත් තරග 44 කින් සමන්විත මෙවර උළෙල අවසානයේ පැරීසියේ සරසවි රංඟ කලායතනයේ දරුවෝ ද ආචාර්ණි සුසිලා මල්ලිකාආරච්චි, දමිත‍්‍රි පීරිස්ගේ කලායතනයේ නර්තන සිසුහු ද සංස්කෘතික සංදර්ශනයක් සමග කැරෝකේ සංගීත සැදැවක්ද පැවැත් වුහ. සංවිධානයේ වැඩිම වාර ගනනක් සභාපති ධුරය දැරූ ඉන්ද්‍රකුමාර මාකේවිට, හා කලා කටයුතු වලින් සංවිධානයට මෙහෙයක් සිදුකළ අනුර කතලූව මහතාටද විශේෂ තිලිණයන් ප‍්‍රදානය කැරිණිග ප‍්‍රංශයේ වැඩ බලන තානාපතිනිය ස්වර්ණා පෙරේරා මහත්මිය, කිසාගෝතමී සරච්චන්ද්‍ර මහත්මිය ආචර්ය නීතිඥ කොඞ්ලින් වෛද්‍යරත්න සංවිධානයේ ස්වර්ණා කුලතුංග හා අනුර කතලූව යන මහත්ම මහත්මින් බක්මහ උළෙලේ ප‍්‍රධාන විනිශ්චය මඩුල්ල නියෝජනය කළහ.
         බක්මහ උළෙල සාර්ථක කර ගැනීමට වැඩිපුර  ධනය වැය කල ප‍්‍රංශයේ ට‍්‍රයිකෝ ආයතනය ඇතුළු අනුග‍්‍රහාකයන් දැක්වුවන් අතර නේෂන් ට‍්‍රස්ට් බැංකුව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හා ලංකාදීප එසැණ, ඉරිදාා ලංකාදීප පුවත් පතටද පොලිස් පරිපාලන අංශයේ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි දිසානායක, බස්නාහිර පලාත භාර හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කේ. පි. පි පතිරණ මහතා හා රංජිත් අබේරත්න මහතාටද බක්මහ උළෙල සාර්ථක කර ගැනීමට ආධාර, උපකාර හා සහභාගි වූ සියලූ දෙනාටමද සංවිධානය වෙනුවෙන් ස්තුතිය පුද කර සිටින බව සංවිධානයේ මාධ්‍ය හා ප‍්‍රචාරක කටයුතු භාර රොහාන් දයාදර මහතා පැරීසියේ ලංකාදීප එසැණට පැවැසුවේය.