පැරිස් ප‍්‍රහාර එල්ල කළ පුද්ගලයින් 8 දෙනා අයිඑස් ත‍්‍රස්ත සාමාජිකයින් බවට සැකකෙරේ.
ඉන් හත්දෙනෙක් මරුට පත්ව ඇත.
අල්කයිඩා සංවිධානය හා සම්බන්ධතා ඇති අයිඑස් සංවිධානය මෙම ප‍්‍රහාරය සැළසුම් කරන්නට ඇතැයි ඇමරිකාවේ හා ප‍්‍රංශයේ බුද්ධි අංශ හා ත‍්‍රස්ත කටයුතු පිළිඹද විශේෂඥයෝ පවසති.
එක්වර කිහිපතැනකට ප‍්‍රහාර එල්ල කිරීම,එකවිට ප‍්‍රහාර එල්ල කිරීම හා ප‍්‍රහාරයට යොදාගෙන ඇති අවි ඊට උදාහරණ ලෙස ඔවුන් පෙන්වා දේ.
ප‍්‍රහාරයෙන් පසු අල්කයිඩා හා අයිඑස් හිතවාදීන් එය සමරමින් සතුට පළකර ඇතැයිද වාර්තා වේ.
කෙසේනමුත් මේ දක්වාම කිසිවෙක් ප‍්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.

