පැරිස් පන්සලේ නිදහස් උළෙල අද


පෙබරවාරි 4 වැනිදාට යෙදෙන ශ්‍රී ලංකාවේ 67 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ප්‍රංශයේ වාර්ෂික නිදහස් අනුස්මරණ උත්සවය ශ්‍රී ලාංකික සංවිධානවල සහ විහාරස්ථානවල සහභාගීත්වයෙන් පෙබරවාරි 1 වැනි දින (අද) පස්වරු 3 ට ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාර මන්දිරයේ තැන්පත් කරනු ලබන බුදු පිළිමවහන්සේලා 200 නමක් වෙනුවෙන් මල් පූජාවක් එළැඹෙන අප්‍රේල් 5 වැනිදා දවස පුරා සිදුකිරීමටද නියමිතය.

ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම් සිදු කෙරේ.

මෙම වීඩියෝවට පුස්තකාල දර්ශනද ඇතුළත්ය