පැරිස් පන්සලේ කඨිනෙට මහ සෙනඟ


ප්‍රංශයේ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පුජාව විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ප්‍රංශයේ අධිකරණ සංඝ නායක පැරිස් නුවර ජේතවන විහාරස්ථානාධිපති  මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි, විතාරන්දෙණියේ අස්වත්තාරාමාධිපති  මැදගම චන්දවිමල හිමි, සුවාරපොල ශ්‍රී විජයාරාමාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය හේමාලෝක හිමි,බෙල්ලන්විල රජමහා විහාරවාසී වැල්ලවත්ත සාම විහාරාධිපති කොළඹ ආනන්ද විදුහලේ විශ්‍රාමලත් ධර්මාචාර්ය  අතපත්තුකන්දේ ආනන්ද හිමි, මාතර වෙහෙරහේන පුර්වාරාම රජමහා විහාරවාසී රත්මලාන කොතලාවල පුර සමාධි විහාරාධිපති  මාපලගම බුද්ධසිරි නාහිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී  මාපලගම ජිනානන්ද හිමි, හපුගොඩ සුභෝධ හිමි, කන්දෙවින්නේ රාහුල හිමි, කඳුරුපොකුණ පිරිවෙන්වාසී  ගජනායකගම සෝමරතන හිමි, ඇටම්වෙල අනෝමදස්සී හිමි සහ බුරුම සහ බංගලිදේශ හිමිවරු දෙනමක්ද මෙම පින්කමට වැඩම කළහ.

ශ්‍රී ලාංකික, කාම්බෝජ, වියට්නාම, ලාඕස සහ බංගලිදේශ බෞද්ධ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වු මෙම පින්කමේ තවත් විශේෂත්වයක් වුයේ පිණ්ඩපාත දානයයි.

IMG_1920-[1600x1200] IMG_1927-[1600x1200] IMG_1930-[1600x1200] IMG_1936-[1600x1200] IMG_1941-[1600x1200] IMG_1944-[1600x1200] IMG_1952-[1600x1200] IMG_1961-[1600x1200]