පැරිස් ධම්ම චක්ක අවුරුදු උළෙල 20 වැනි දා


පැරිස් බෞද්ධ විහාරයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල අප්‍රේල් 20 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පිහිටි  ලාකුරනව් ඩෙ ලානු  ක්‍රීඩාංගනයේ දී   පැවැත්වීමට යයි.

ළඟම උමං දුම්රිය පොළ ෆෝර්ට් ඩෙ ඔබවිලියේ හා ලාකුරනව් වේ.

සිරිත් පරිදි එදින උදේ 10 ට ප්‍රංශ ශ්‍රී ලංකා ජාතික ධජ  එසවීමෙන් ද සිංහල අලූත් අවුරුදු චරිත්‍රානුකුලව හිසතෙල් ගෑමෙන් ද දෙමාපියනට බුලත් හුරුලූ පිළිගැන්වීමෙන් ද   අවුරුදු සංග්‍රහ වලින් ද පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරේ.

 ප්‍රංශයේ වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයෝ සහභාගි වෙන මෙම බක්මහ උළෙල කුඩා දු දරුවන් සඳහා විශේෂ තරග වලින් සමන්විතවේ. බක්මහා උළෙල අවසානයේ  අලංකාර සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව විහාරාධිපති කෝ ආනන්ද හිමියෝ පවසති.

 ලා කුරණව් නගර ශාලාවේ නගරාධිපති, හා වෙනත්  අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අගනා සංස්කෘතික සන්ධ්‍යාව ආරම්භ වේ.

 සරසවි රංග නිකේතනයේ  ශිෂ්‍යය දු දරුවෝ  සංස්කෘතික ප්‍රසංඟය ආලෝකවත් කරති.