පැරිස් නුවර ජේතවනාරාම බෞද්ධ විහාරස්ථානයේ 2013 වෙසක් උත්සවය ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පුජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.
මෙම පින්කමට පැරිස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමි, පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමි සහ කිරින්දේ පේමසිරි, මහගම සුනීත, මාපලගම ජිනානන්ද, පරපේ විමලරතන සහ බුරුමයේ උකුමාර යන ස්වාමීන්වහන්සේලා සහභාගී වුහ.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාරත්න හඟවත්ත මහතාත් රසාදරී හඟවත්ත මැතිනියත් සහකාර ශ්‍රී ලංකා තානාපතිනි ස්වර්ණා පෙරේරා මැතිනිය ඇතුළු පැරිස් නුවර ජීවත්වන විවිධ රටවලට අයත් බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් එදින පිංකමට සහභාගී වුහ.