කොළඹ සහ ඊට යාබද තදාසන්න ප්‍රදේශ එක් කරමින් කාර්යක්ෂම නව දුම්රිය සේවයක් ආරම්භ කිරීමේ හැකියාව සොයාබැලීමට ප්‍රංශයේ ප්‍රධාන පෙළේ දුම්රිය සමාගමක් වන ආර්ඒටීපි දුම්රිය සේවයේ සභාපති ඇතුළු පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවේ බලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
පැරීසියේ උමං දුම්රිය සේවය යුරෝපයේ දෙවැනි හොඳම දුම්රිය සේවාව ලෙස සැළකේ. පැරිස් නගරය කේන්ද්‍ර කොට ලක්ෂ 40ක් පමණ ජනතාව දිනකට පොළොව යටින් ගමන් කරති. ඒ සඳහා සැකසු පැරීස් උමං දුම්රිය පද්ධතිය හා ඉන් පිටත කිලෝමීටර් 245ක වපසරියකට අයත්වේ.
ගමනාන්ත දෙකක් අතර ධාවනය වන එකිනෙකට වෙනස් දුම්රිය සේවා 16ක් පැරිසියේ ඇත්තේය. උමං දුම්රිය ස්ථාන 300කි. දුම්රිය මංසන්ධි 62කි. උදේ හා සවස විනාඩි දෙකකට වරක් දුම්රියක් ධාවනය වෙයි. අලුයම පහට ඇරඹෙන සේවාව පසුදා අලුයම දෙකට අවසන්වේ. පැරීසියේ උමං දුම්රිය සේවාව ආර්ඒටිපී යන නමින් හඳුන්වන ප්‍රංශ රාජ්‍ය ආයතනයෙන් පාලනය වේ. උමං දුම්රිය, ට්රෑම් සේවාව හා මහජන බස් සේවා ආදි එම ආයතනයෙන් පාලනය වේ.
නවීන තාක්ෂණය, ආරක්ෂාව,වේගය, සැප පහසුව, කාලය ආදී කරුණු වලින් එම ආයතනය ලෝක ගමනා ගමනයේ නමක් දිනා සිටියි. එංගලන්තය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ඩුබායි, ඉන්දියාව, චීනය, දකුණු කොරියාව, හොංකොං, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, ඇමෙරිකාව, ඇල්ජීරියාව, මොරොක්කෝව ආදි රටවල දුම්රිය සේවා ආර්ඒටීපි ආයතනය විසින් ස්ථාපිත කොට ඇත්තේය.
මාස කිහිපයකට පෙර විදේශ ඇමති මංගල සමරවීර, නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා ප්‍රංශ තානාපති තිලක් රණවිරාජා යන මහත්වරුන් හා එම සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් පැවැත්විණී.ශ්‍රී ලංකාවේ දුම්රිය සාමාන්‍යධිකාරි, බස්නාහිර පළාත් මෙගා පොලිස් සැලසුම් ආයතනයේ සභාපති අජිත් ද කොස්තා හා වෙනත් උසස් නිලධාරීන් හමුවීමට නියමිතය.
මෙහි සියලූ කටයුතු මෙගා පොලිස් සැලසුම් ආයතනය විසින් සම්බන්ධීකරණය කරන අතර ඔවුන් හඳුන්වා දීමට පැරීසියේ පදිංචි දමිත් ද සිල්වා හා පීටර් සෙනෙවිරත්න යන මහත්වරු පෙරමුණ ගෙන ක්‍රියා කළහ.