පැරෑලියේ සුනාමි සැමැරුමටත් සුනාමියක්


සුනාමියේ දස වැනි සංවත්රය සැමැරීමට තෙල්වත්ත පැරෑලියේ අද (26) පෙර සූදානමක් නොවු බව එහි ගිය මාධ්‍යවේදීහු දුටහ.

කොළඹ මාතර දුම්රිය දුම්රිය මගීන් 1270 දෙනකුට ද පැරෑලියේ ගැමියන් 249 දෙනකුටද ජීවීත  අහිමි කරමින් මුහුද ගොඩගැලූ පෙරවරු 9.26 වන විටත් රත්ගම ප්‍රාදේශිය සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා සේවකයින් කිහිප දෙනකු සමග එම භූමිය සුද්ධ පවිත්‍ර කරමින් සිටියේය.

එම ප්‍රදේශය පුරා බිම්තඹරු වැල් වැවී ඇත.මෙන්ඩිස් මහතා කූඩාරම් කිහිපයක්ද ඉදි කිරීමට උපදෙස් දෙමින් සිටියේය.ඔහු හැර කිසිදු දේශපාලනඥයෙක් එහි පැමිණ සිටියේ නැත.භික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙක්ද විදේශිකයෝ කිහිප දෙනෙක්ද එහි වුහ.

9.26 වන විටත් ආසන පනවමින් තිබිණි.