මෙවර අයවැයෙන් පිලට් නමැති යකඩ පොලු සඳහා ආනයනික බදු සහන ලබාදීම හේතුවෙන් මෙරට අබලි යකඩ එකතුකරන්නන්ගේ රැකියා අනතුරේ වැටී ඇතැයි පවසමින් දකුණු පළාත් පරණ යකඩ එකතුකරන ව්‍යාපාරිකයෝ අද ගාල්ල බස්නැවතුම ඉදිරිපිට මාර්ගයේ උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන් පවසන්නේ තමන් එකතුකරන පැරණි යකඩ මෙරට දී පිලට් සෑදීමට අළෙවි කළ බවයි. බදු සහන හේතුවෙන් මෙරට පිලට් නිෂ්පාදනය නවතිනු ඇතැයි ද එසේ වුවහොත් දකුණු පළාතේ පැරණි යකඩ එකතුකරන්නන් 12,000 ට පමණ ආදායම් අහිමිවෙතැයි ද උද්ඝෝෂණයේ නිතරවූවෝ කියති.



