ඉරිදා රාත්‍රී 9 සිට අද (14) අලුයම 1 දක්වා පිළියන්දල මාර්ග සෝදිසියක යෙදුණු පොලිසිය විසින් වරෙන්තුකරුවෝ නව දෙනෙක් ද හේතුවක් නැතිව පාරේ සිටි විසි එක් දෙනෙක් ද අපරාධ වලට සම්බන්ධ බව කියන දෙදෙනෙක් ද කසිප්පු බී සිටි බව කියන දෙදෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ. පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාරානාත් සමරකෝන් මහතා මෙම වැටලීම මෙහෙයවීය.

