පැය හතරකට පසු වහළින් බහී


කොළඹ ඇස්වාට්ටුව පෙදෙසේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවකයකු එහි ගොඩනැගිල්ලේ වහළට නැගී විරෝධතාවයක් ආරම්භ කළේය.

ස්ථාන මාරුවීම් ලැබූ සියලු දෙනාට වහා වැටුප් ලබාදෙන ලෙසත් වසර ගණනක් එකම තැන නිලධාරීන්ගේ රැකවරණය යටතේ සිටින සියලු දෙනා වහා මාරු කරන ලෙසත් ඔහු ඉල්ලයි. සෞඛ්‍ය ලේකම්වරයා කැකිල්ලේ තීන්දු ලබාදෙන බවත් ඊට විරෝධය පළ කරන බවත් කියන ඔහු ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ භාණ්ඩාගාරික ද වේ.

ඔහු පැය හතරකට පසු බිමට බැස්සේය. ඔහුගේ දුක් ගැනවිලි ගැන ඔහු හා සාකච්ඡා කිරීමට අමාත්‍යංශ ලේකම් එකඟවූ නිසා වහළින් බැස්ස බව ඔහු කියයි.

IMG_1554 IMG_1570 IMG_1579 IMG_1590-copy