පැය තුනෙන් පාරක කෑල්ලකට කාපට්


හෝමාගම අතුරුගිරිය මාර්ගයේ අකරවිට පටුමගේ මීටර් 50 ක පමණ කොටසක් අඟහරුවාදා රාත්‍රියේ පැය 3 ක් පමණ හිටිගමන් කාපට් කිරීම ගැන ප්‍රදේශවාසීන් විමතිය පළ කරති. වසර 10 ක් තිස්සේම අලුත් වැඩියා නොකළ මේ පාරේ එම කොටස පමණක් පිළිසකර කර ඇත්තේ රජයේ ප්‍රධාන ඇමතිවරයකුගේ ඕනෑකමට යයි ඔවුහු කියති.

මේ ගැන විමසූ විට හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශකයෙක් පැවසූයේ මේ ගැන නොලියා සිටින ලෙස ඉල්ලීමක් කරන බවයි.