මිහිරිගම නගරයේ සංගීත සංදර්ශනයක් බලන්නට ආ තරුණියක කැළයට රැගෙන ගොස් කෙළෙසා මරා දැමීමට ළිඳකට තල්ලු කර සිටියදී බේරා ගත් බව පොලීසිය කියයි.
සැකපිට පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
පැය අටකට වැඩි කාලයක් ඇය ළිඳ ඇතුළේ සිටි බවත් අඩි 12ක් ගැඹුරු ළිඳේ වතුර අඩි දෙකකට වඩා නැති නිසා ඇය බේරී ඇති බවත් පොලීසිය කියයි.