පැය 48 සංශෝධනයට එජාපය බැට දෙයි


යුද්ධයෙන් පසුව දරදඬු නීති රීති ළිහිල් කැර නිදහස සහ අයිතිය තහවුරු කරනවා වෙනුවට අපරාධ නඩු විධිවිධාන පනත සම්මත කරමින් ආණ්ඩුව සිය දරදඩු ඒකාධිපති ගමන තව තවත් තහවුරු කැර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.

ඕනෑම පුද්ගලයකු පැය 48ක් පොලීසියේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට හැකි වන අයුරින් අපරාධ නීතිය සංශෝධනය කිරමෙන් ආණ්ඩුව සූදානම් වන්නේ කුමකට ද යන්න පිළිබඳ ඕනෑම අයකුට මනාව තේරුම් ගත හැකි බව ද කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී ඔහු කීවේය.

‘යුද්ධය අවසන් වී පොලීසිය මැතිවරණ දෙපාර්තමේන්තුව, ව්‍යවස්ථාදායකය, අධිකරණය ආදී සියල්ල විධායකය යටතට ගත්තා. ඉන්පු ජනාධිපතිවරණයකට දෙවතාවකට වැඩි වාර ගණනක් ඉදිරිපත් වීම සඳහා තවත් නීතියක් සම්මත කළා.

ඉන්පසු පෞද්ගලික දේපොළ පවරා ගැනීම සඳහා නීතියක් ගෙන ආවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව එලෙස ජනතාවට හිතකර නොවූ නීති සම්පාදනය කර ගන්නවා. ‘