පැය 24 ට අනතුරුවලින් 13 ක් බිලි


(ගයාන් සූරියආරච්චි)

ගතවූ පැය 24 ට මාරක රිය අනතුරු 10 කින් පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

මහනුවර, මාරවිල, අම්බලන්තොට, ගම්පොළ, හෙට්ටිපොළ, මඩකළපුව, මිරිහාන, කැබිතිගොල්ලෑව සහ සීදූව යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇත.

 එහිදී අවුරුදු 14 සහ 67 වයස්වල පසුවන පුද්ගලයන් 13 දෙනකු දෙනකු මියගොස් ඇති අතර මියගිය 13 දෙනා අතරින් 4 දෙනකු පදිකයක් බව මනතුංග මහතා පැවැසීය.