පැය 24 කට පසුත් බාබුල් වෙළෙන්දා හමු නොවේ


ඉහළ කොත්මලේ ජලාශයට පැන්න බව කියන බාබුල් වෙළෙන්දකු සොයා ගැනීමට පොලීසිය හා කිමිදුම්කරුවන් දවසක් පුරා කළ  සෝදිසිය අසාර්ථක විය.

ඔහු අත්අඩංගුවට ගෙන පොලීසියට ගෙන යද්දී  ජලාශයට පැන ඇති බවත් එහෙත් සොයාගත නොහැකි වු බවත් පොලීසිය කියයි.

තලවාකැලේ පොලීසියේ ක්‍රියාකලාපයට එරෙහිව පිරිසක්  උද්ඝෝෂණය කළහ.

ඔවුන්ගේ ඉල්ලීම වුයේ  ඔහු පොලීසියට රැගෙන යමින් සිටි කොස්තාපල්වරුන් දෙන්නා අත්අඩංගුවට ගන්නා ලෙසයි.

 

DSC06563(1) DSC06571 DSC06578