අද උදේ හයෙක් අවසන් වූ පැය දොළහේ දී බීමත් රියදුරන් 220කු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඒ අතර මගී ප්‍රවාහන බස්රථ රියදුරෙක් ද, ත්‍රීරෝද රථ රියදුරෝ 75ක් ද, යතුරු පැදිකරුවෝ 75ක් ද වෙති.
විශේෂ මෙහෙයුමේ දී වැඩිම බීමත් රියදුරන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ මෙහෙයවීමෙන් ගම්පහ කොට්ඨාසයෙනි.