සිහි නැති වී රෝහල් ගත කළ මවට විනාඩි 45ක් ගතවන තුරු ප්‍රතිකාර නොලැබුණු බව පවසමින් කරාපිටිය රෝහලේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ල විභාග කිරීමට ගාල්ල ලංකාදීප මාධ්‍යවේදී වේරගොඩගේ සජීව විජේවීර පොලීසියට කැඳවා තිබුණ ද වෛද්‍යවරුන් පොලිසියට පැමිණ නොසිටි බැවින් පැමිණිල්ල විභාග කළ නොහැකි විය.
පොලිසිය මාධ්‍යවේදියාට පවසා තිබුණේ ඔහුට එරෙහිව රෝහල් අධ්‍යක්ෂ ද පොලිසියට පැමිණිලි කැර ඇති බවයි. විජේවීර රෝහලේ වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කළ බව සඳහන් කරමින් එම පැමිණිල්ල කැර තිබූ බව ද රෝහල් අධ්‍යක්ෂගේ පැමිණිල්ල සහ විජේවීරගේ පැමිණිල්ල යන දෙකම එක විට විභාග කරන බව ද පොලිසිය මාධ්‍යවේදියාට දැනුම් දී තිබිණි.
පොලිසිය දැන්වූ වේලාවට නීතීඥ රජින්ද්‍ර නාරංගොඩ මහතා ද සමග මාධ්‍යවේදියා ගාල්ල පොලිසියට ගිය ද පැය එකහමාරක පමණ කාලයක් ගතවනතුරු රෝහල් අධ්‍යක්ෂ හෝ කිසිදු වෛද්‍යවරයකු නොපැමිණි බැවින් පැමිණිල්ල විභාග කැරුණේ නැත.
නොපැමිණීම ගැන හේතුවක් දැක්වූ බවක් ද පොලිසිය පැවසුවේ නැත.
පැමිණිල්ල විභාග කිරීම සඳහා වෙනත් දිනයක් යොදාගෙන ඒ පිළිබඳ පසුව දැනුම් දෙන බව පොලිසිය කීවේය.