පැමිණිල්ලක් නැති අමුත්තෙක් මාතර එස්.පී ගේ කන්තෝරුවේ


මාතර පොලිස් අධිකාරී  කාර්යාලයට අද අමුත්තෙක්  පැමිණියේය. කූරූ විහිදා ගෙන ආ මෙම අමුත්තා ගෙන් එහි සිටි කාටවත් හිරිහැරයක් නොවීය.

ගෙදරක ඇති කරන්නට ඇතැයි සැකකෙරෙන මෙම ඉත්තෑවාට පොලීසියෙන් කෑම බීමද ලැබුණි.

කාගේත් සුරතලා බවට පත් වු මේ ඉත්තෑවා වන ජීවී දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.