ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මූලික ඉන්ද්‍රියයන්ගේ සෛල වැඩීමටත් රුධිර වහනයකදී රුධිරය වේගවත්ව කැටි ගැසීමට සහ අසාමාන්‍ය ලෙස කැටි ගැසුණු ලේ ඉවත් කිරීමේ විස්මිත ශක්තිය පැපොල් කොළ යුෂවල පවතින බව කොළඹ විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකදී තහවුරු කරගත් බව මහාචාර්ය ප්‍රීති උඩගම මහත්මිය පැවසුවාය.
මෙම පර්යේෂණය ඇමරිකාවේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් සඳහාද තෝරාගෙන ඇත. ඒ යටතේ ඇමරිකාවේ බොස්ටන්හි ජූලි මාසයේදී පැවැත්වෙන ‘ඩ්‍රග් ඩිස්කවරි ඇන්ඩ් තෙරපි‘ සැසිවාරයේදී මෙමම විද්‍යාත්මක පර්යේෂණයේ තහවුරු කර ගැනීම් පිළිබඳව ඉදිරිපත් කිරීමට ඇරියුම් ලැබී ඇත. සම්මානනීය මහාචාර්ය ඩබ්ලිව්. ඩී.රත්නසූරිය මහතාද මේ පර්යේෂණයට සහාය විය.
ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශනවේදී උපාධි අපේක්ෂිකා හා විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චානිකා ජයසිංහ මහත්මිය එම දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.
පැපොල් කොළ යුෂ මඟින් රුධිර පට්ටිකා වැඩීවීමක් සිදුකෙරෙන බව මීට ඉහතදී විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබිණි.
කථිකාචාර්ය චානිකා ජයසිංහ
මහාචාර්ය ප්‍රීති උඩගම





