පැපිලියානේ රෙදි පිලි සාප්පුවක රෙදිපිළි ගබඩාවකට ගල් මුල් ගැසීමෙන් අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි. මහල් කිහිපයකින් වූ ගොඩනැගිල්ලට අද රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවත් හිමිනමක් ඇතුළු පස්දෙනෙකු රෝහල් ගත කළ බවත් පොලිසිය කියයි.
කැරළි මර්ධන හමුදාව සහ යුධ හමුදාව එක්ව කලබලය සංසිදවීමට උත්සහ කළ නමුත් රාත්‍රී දහය පසුවන විටත් මහජනයා තැන තැන එක්වී සිටියහ.
පහරදුන්නේ කවිදැයි පොලිසිය නොකියන අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතුරුත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.