පැපිලියාන ගල් ගැසීම සොයන්න කණ්ඩායම් හතරක්


පැපිලියානේ රෙදි ගබඩාවකට බ්‍රහස්පතින්දා රාත්‍රී පහරදුන් පිරිස සොයා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පත් කළ බව පොලීසිය කියයි.

මෙම සිද්ධිය සැළවී එහි ආ උසස් පොලිස් නිලධරයකුගේ හිස් වැසුමට හිතා මතාම  අතින් ගසා බිම දැමූ තැනැත්තකු සොයා ගැනීමට පොලීසිය වෙහෙසෙයි.

ඔහුගේ එම ක්‍රියාව වීඩියෝ පටයක ද ඇති බව පෙනේයැයි පොලීසිය කියයි.

ගබඩාව අසල ආරක්ෂාවට පොලිස් විශේෂ කාරේය බලකාය කැඳවා ඇත.