පැනි බීම බී සිසුන් දහයක් ලෙඩ වෙලා


(සුරංග රාජනායක)

පාසලේ අතිරේක ශිෂ්‍යත්ව පංතියට සහභාගි වී සිටි හතර වසර සිසුන් දස දෙනකු පැණි බීම වර්ගයක් පානය කිරීමෙන් පසු අසාත්මිකතාවයට ලක්ව ඔවුන්  ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගම්පොළ පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලයේ සිසුන් පිරිසකි.

කුඩා ගැහැණු ළමුන් දෙදෙනකු හා පිරිමි ළමුන් අට දෙනකු මෙම කණ්ඩායමට අයත්ව ඇති අතර සමහර අයට වමනය ගිය බවද ප්‍රකාශ වේ.

පාසල් වෙලාවෙන් පසු ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර සවස් කාලයේදී පාසල තුළම මෙම අතිරේක පන්තිය පවත්වන බව සඳහන්ය.

එහිදී පාසල අසල නගරය තුළ ඇති වෙළඳසලකින් මෙම බිම වර්ග ලබාගෙන සිසුන්ට දී ඇති බව කියයි.