පැන්නූ කොස්තාපල් තුන් කෝටියක මැණික් පන්නයි


මැණික් මිලදී ගැනීමට එන මුවාවෙන් මහරගම මැණික් ව්‍යාපාරිකයකු හෝටලයට ගෙන්වාගෙන පොලිස් හැඳුනුම්පත් පෙන්වා රුපියල් කෝටි තුනක මැණික් ගල් හයක් පැහැර ගත් බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනකු අත්ඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

මැණික් ගල් රැගෙන හෝටලයට ගිය ව්‍යාපාරිකයා මැණික් ගල් පරීක්ෂා කිරීමට යැයි කියමින් හෝටලයේ කාමරයකට කැඳවාගෙන ගොස් ඇති බවත්, එහි නාන කාමරයේ සැඟවී සිටි කොල්ලකරුවන් පැමිණි පොලිසියේ යැයි කියමින් බුත්තල විශේෂ කාර්ය බළකා කඳවුරේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ හැඳුනුම්පතක් පෙන්වා මැණික් කොල්ල කා ඇති බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් අපරාධ වර්තා කොට්ඨාසයේ සේවය කරමින් සිටිය දී 2012 පොලිසියෙන් පහ කැරුණු කොස්තාපල්වරයකු බව පොලිසිය සඳහන් කරයි.

vlcsnap-2014-08-13-15h45m01s237 vlcsnap-2014-08-13-15h45m15s145