පැන් වඩා අමරදේවයන්ට පිං පමුණුවති


ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ අවමගල්‍ය සභාවට මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.

පවුලේ උදවිය මතක වස්ත්‍ර පූජා කිරීමෙන් පසු පැන් වැඩීම ආරම්භ විය.

උන්නමේ උදකං වට්ටං ආදී ඝාථා මහා සංඝරත්නය සජ්ජායනා කරද්දී පවුලේ ඥාතීහු පැන් වත්කළහ.


අමරදේවයන්ගේ දේහය අවමංගල සභාවට

2016 නොවැම්බර් මස 05 15:14:02 | . , ඩයනා උදයංගනී නිදහස් චතුරස්‍රයේ සිට

 

 

හෙළයේ මහා ගාන්ධර්වයා යන විරුදාවලිය ලත් පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ දේහය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට වමංගල්‍ය උත්සව සභාවට ගෙන ඒම ආරම්භ කළේය.

සෞන්ධර්ය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු සහ සිසුහු දේහය ගෙන ආහ.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් තව ස්වල්ප වේලාවකින් අවමංගල්‍ය සභාව ආරම්භ වීමට නියමිතය.