පැත්තක සිටි ඕඅයිසීට මරාලයක්


ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය සමග ඇති වූ ගැටුමෙන් පසු එහි මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස මාරු කළ පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ සෝමරත්න මහතා පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට යළි මාරු කරනු ලැබීය.

පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ඔහු එතැනට මාරු කර ඇත්තේ රාජකාරියක් නොමැතිවය.

සෝමරත්න මහතා රෝගී තත්ත්වයෙන් පසුවන නිසා වැඩ බාර ගැනීමට ගොස් නැතැයි දැනගන්නට තිබේ. ඒ බව ඔහු උසස් නිලධාරීන්ට දන්වා ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.

ඇඹිලිපිටියේ ගැටුමට චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරීට කුලියාපිටියට මාරු කර ඉන් පසු විවේචන එල්ල වෙද්දී ඔහු පොලිස් මූලස්ථානයට අනුයුක්ත කරද්දී අසනීප තත්ත්වයෙන් පසු වූ සෝමරත්න මහතා ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ දැඩි කතාබහට ලක්වී තිබේ.