පැණි බීම බද්ද වැඩි කිරීමට පියවර



වහාම ක්‍රියාත්මක වන පරිදි  පැණිබීම බද්ද වැඩි කිරීමට පියවර ගන්නා බව  සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
 
පසුගියදා අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා තේරි පත්  වු පසු  පැණිබීම සඳහා පනවා තිබු බදු අඩු කිරීමට පියවර ගත් බවත්, නමුත් ජනතාව දියවැඩියා රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා  තමා නැවතත් පැණිබීම බද්ද වැඩි කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.
 
අමාත්‍යවරයා අද (21)  අමාත්‍යංශයේදී  සිය රාජකාරී අරඹමින් මෙසේ ප්‍රකාශ කළේය.
 
මෙම තීරණය සම්බන්ධයෙන්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද දැනුම්දී ඇතැයි  හෙතෙම පැවසීය.
 
එමෙන්ම වර්තමානයේදී ඖෂධ හිගයක් නිර්මාණය වී ඇතැයිද පැවසු  අමාත්‍යවරයා ඒවාට විසඳුම් කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.
 
(36698)