අනුෂ්ක උදාන 'වස්ති' 'වස්ති' කියන නම අද නොදන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. සමාජ වෙබ් අඩවි භාවිත කරන අය ගොඩක් අය 'වස්ති' කියන අයව දන්නවා. ඉතිං ඔහුගේ සිහිනය වුණේ ගායකයෙකු වෙන්න. නමුත් අවසන් වශයෙන් ජනප්‍රියත්වට පත්වුණේ සමාජ වෙබ් අඩවි වල විඩියෝ නිර්මාණකයෙකු වෙලයි. සම්මානයක් ලබපු 'වස්ති' අපත් සමග මෙලෙස එක් වුණා.
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
ලංකාවේ මිනිස්සු මාව හඳුනගෙන තියෙන්නේ යූටියුබර් කෙනෙක් විදියට. යූටියුබ් කියනදේ තවම ලංකාවට අලුත් දෙයක්. ෆේස්බුක් කියන එක නම් දැන් ගම්බදවත් ගොඩක් දෙනෙක් අතර පාව්ච්චිවෙන දෙයක් වෙලා. එහෙම බැලුවොත් මම "වයිරල් ක්‍රියේටර්" කෙනෙක් කිව්වොත් හරියටම හරි.
Youtube වෙත වීඩියෝ නිර්මාණය කරන්නේ මුදල් සෙවීමේ පරමාර්ථයෙන්ද?
Social Media කියන දේ ලංකාවට ඇවිත් ලොකු කාලයක් නෑ. මුල්කාලයේ Social Media තුළ පුද්ගලයන් විදියට කාටවත් ජනප්‍රියවෙන්න අවස්ථාවක් තිබුනේ නෑ. එය තිබුනේ අදහස් හුවමාරුවට වගේ දේවල්වලට. දැන් එය මාධ්‍යයක්. වෙලා. ඒ කියන්නේ Digital Media වලින් Social Media වලට පුද්ගලයින් මාරුවෙලා, ඒ තුළින් හැකියාවක් ඇති හා නැති සියළුදෙනා ජනතාව අතරට යන්න උත්සාහ කරනවා. ඉතින් මට රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකාවලින් සිදුවුන අසාධාරණය නිසා මම Social Mediaවලට ලංවුනා කියලා කියන්න පුළුවන්.
%වස්ති^ ආරම්භයේදී සතියකට වීව්ස් 50000ක් විතර තමා තිබුනේ. නමුත් දැන් වීව්ස් 100000කටත් වඩා ලැබෙනවා පැය 24ක් යන්නත් කලින්ම.
ඉතින් ඒකට මූල්‍යමය වටිනාකමක් දෙන්න පුළුවන්. ඉස්සරනම් ඒ හැකියාව තිබුනේ නෑ. මිනිස්සු මගෙ වීඩියෝ බලන්නේ ඒවට කැමති නිසා. ඉතින් ඒකට මුදලක් ලැබෙනවානම් මම එහි වරදක් දකින්නේ නැහැ.
රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා තුළ ඔබට අසාධාරණයක් වුනා කියලා ඔබ කිව්වා. ඔබ ගායකයෙන් වීමට බලාපොරොත්තුවෙන් සිටියා කියනවා. මේ දේවල්වල ඇත්ත නැත්ත මොකක්ද?
මීට අවුරුදු 03කට කලින් මගෙ යාළුවෙක්ගෙ මුදල් යොදවලා සිංදුවක් කරලා රූපවාහිනි මාධ්‍ය කීපයකට දෙන්න අරගෙන ගියා. ඒ යනකොටත් ඒ ආයතන පැකේජ් ක්‍රමයට සිංදු භාරගන්න පටන් අරන්. ඉතිං එතන තිබුන එක ප්‍රශ්නයක් තමයි මට මුදල් නොමැති වීම. අනිත් ගැටලුව ප්‍රවීණයන්ගේ සිංදු හැර නවකයින්ගේ සිංදු භාර නොගැනීම. ප්‍රවීණයෙක් වීමට නම් සිංදු විශාල ප්‍රමාණයක් කිරීමට අවශ්‍යයයි. මෙතන ප්‍රවීණයන් කියන්නේ අප බලාපොරොත්තුවෙන ප්‍රවීණයන් නෙවේ. සල්ලිගෙවා ගීත ප්‍රචාරය කරගන්නා යම්කිසි පිරිසක්.
දවස්ගනන් බස්වල ගිහින් එකම ටීවී චැනල් එකට සීඩී තැටි 5ක් 6ක් අරගෙන ගිහින් දුන්නට හරිගියේ නෑ. බැරිම තැන තමයි Social Media වලට එකතුවෙන්න හිතුවෙ.
වස්ති ආරම්භය සිදුවුනේ එතනින්ද?
ඔව්. ඒ කාලෙ වෙනකොට රූපවාහිනි නාලිකාවල ප්‍රසිද්ධ ගීත කීපයක් අරගෙන මම එක සිංදුවක් හැදුවා පුෂ්ප රාගය කියලා. ඒක යූටියුබ් එකේ තියෙනවා. ඒකට සතියෙන් ලක්ෂ 5ක් විව්ස් ආවා. ඒ කාලෙදි ඒක ලොකු ජයග්‍රහණයක්. මට එතනින් හිතුනා මෙහෙම දෙයක් මට පෞද්ගලිකව කරන්න පුළුන්කම තියෙද්දී ඇයි මම කාගෙවත් උදව් බලාගෙන ඉන්නේ කියලා.
වස්ති ආරම්භයත් එක්ක ලංකාවේ ඔබ හදාගත්ත තැන පිළිබඳව කතා කළොත්?
ඔව්, අද මම මේ ඉන්න තත්ත්වයට මේ මගින් පත්වෙන්න පුළුවන් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. අද එළියට බැස්සාම මගතොටදී හමුවන අයගෙන් ලැබෙන ප්‍රතිචාර, පිනකට වගේ Social Media වලින් සිදුවෙච්ච දේ ගැන බලනකොට ඇත්තටම මම සාර්ථකයි කියලා හිතෙනවා.
ඔබ මේ දේවල් කරන්නේ සල්ලි තියෙනවටද? පෞද්ගලික තෘප්තියටද?
ඕක වුනේ මම ටීෂර්ට් දැම්මා විකුණන්න. එතනින් මගේ නම්බර් එකත් දාලා තිබුණ නිසා කෝල් එන්න ගත්තා එක එක වැඩසටහන්වලින් ඒ අයට ස්පොන්සර් ෂිප් දෙන්න කියලා. මම මේ දේ කළේ සල්ලි තියෙනවට නෙවෙයි.
මිෂන් 2 වගේ ප්‍රොජෙට් එක එහෙම බැලුවොත් ඇත්තටම රුපියල් ලක්ෂ හමාරක විතර වියදමක් යන වැඩක්. ඒ වුනත් අපිට ඒකට වියදම් වුනේ රුපියල් 17000කටත් අඩු ගානක්. ඒකට හේතුව මගේ වටේ ඉන්න යාළුවො තමයි ඒ හැමදේටම උදව් කළේ. මම අද මෙතන ඉන්නෙත් මගෙ යාළුවො නිසා තමයි. මේක මගේ හීනය හැබෑකරගන්න යන ගමනක්.
කවුද මේ වස්ති එක්ක එකතු වෙලා ඉන්න යාළුවො කට්ටිය?
මුලින්ම දුලාජ් ජයතිලක (තඩියා) මතක් කළ යුතුයි. ළඟම ඉඳලා වැඩ කරන්නේ දුලාජ් තමයි. ෂර්ලි, විනුජ්, රෝයි, හිරුෂ, දිලීප, චමිත් මගෙ සමකාලීන යාළුවො කට්ටිය. වීඩියෝ එඩිටින් කරන්නේ අමිල මල්ලි.
ළඟදි සම්මානයක් ලැබුනා නේද?
තරුණ සේවා සභාවෙන් තමයි සම්මානය ලැබුනෙ. හොඳම වයිරල් වීඩියෝ හදන කණ්ඩායම විදියට පළමු තැන ලැබුනා. දෙවන ස්ථානය ජනයි ප්‍රියයි. තුන්වෙනි තැන ලැබුනෙ පොඩ්ඩට.
ඔබේ ඉදිරි කටයුතු සහ ගායකයෙක් වීමේ හීනය ගැන කිව්වොත්?
ඔව්, ඒ පාරතමයි මේ හෙමීට කපාගෙන යන්නේ. ගොඩක් අය හිතන්නේ මම විහිළුකාරයෙක් කියලා. මොකද අපි වැඩිපුර කරන්නේ විහිළු කතා නිසා. පැකේජ් ක්‍රමයට සල්ලි වියදම් කරලා දෙයක් කරන්න බැරි නිසයි Social Media වලින් වැඩක් කරන්න හිතුවෙ. ඒ හීන තාම එහෙමම තියෙනවා. ප්‍රවීණයන් කීපදෙනෙක් මට කතා කරලා ඉදිරිපත් වෙලා තියෙනවා. ගීත හතක් පමණ තියෙනවා ඉදිරිපත් වීමට. ඉදිරිමාස කීපයේදී ඒ දේවල් බලාගන්න පුළුවන් වෙයි. හැබැයි අවසාන වශයෙන් මට දෙයක් කියන්න ඕනේ, "පැකේජ් ක්‍රමයට සිංදු හිට් කරලා උපයන සල්ලිවලින් පිනුම් ගැහුවට ඒ පිරිසිදු සල්ලි නෙවෙයි. පට්ට දක්ෂතා තියෙන කොල්ලන්ගෙ කඳුළු උඩ තමයි මේ දේවල් සිද්ධවෙන්නේ."
ඩිලාන් ක්‍රිෂාන්ත




