පැකර්ගේ කැසිනෝ අකුලාගනී


ශ්‍රී ලංකාවේ කැසිනෝ හල ඉදිකිරීමේ කටයුතු නවතා දැමූ බව ඕස්ට්‍රේලියාවේ කැසිනෝ රජා වන ජේම්ස් පැකර් කියයි.

ඕස්ට්‍රේලියාවේ මල්බන් නුවර ඔහුගේ කාර්යාලයය කියනුයේ ක්‍රවුන් රිසෝට්ස් ආයතනය ශ්‍රී ලංකාවේ තීරණයට ගරු කරන බවයි.

ඒ අනුව තම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන නොයන බව ද ක්‍රවුන් රිසෝට්ස් ප්‍රකාශිකාවක කියන්නීය.

ක්‍රවුන්ස් රිසෝස් හිමිකරු ජේම්ස් පැකර් නම් ධන කුවේරයෙකි.

ඩීආර් විජයවර්ධන මාවතේ කැසිනෝ හලක් ඉදිකිරීමට පැවැති රජය බදු සහන ලබා දී තිබිණි.

ඔහුගේ වත්කම් ඕස්ට්‍රේලියා ඩොලර් කෝටි 719කි. (ඇමැරිකා ඩොලර් කෝටි 660කි) (රුපියල් කෝටි 87120)

2006/2007 ඕස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයා වූයේ ඔහුය.

ඕස්ට්‍රේලියාවේ විශාලතම කැසිනෝ හිමිකරුවකු වන ඔහු මැකාවූ දූපත, පිලිපීනය හා තවත් රටවල් ගනනාවක කැසිනෝ හල් පවත්වයි.

ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුවේ ක්‍රමෝපාය සංවර්ධන නමින් පනතක් ද සම්මත කර ගත්තේය.