උපරිම සිල්ලර මිලක් නියම කර ඇති පරිප්පු, කඩල , වියළි හාල් මැස්සන් , කට්ට හා සාලයා කරවල ඇසුරුම් කර විකිණිමේ දී උපරිම මිලට වඩා වැඩියෙන් රුපියල් 5 ට වඩා අයකිරිම සම්පුර්ණයෙන්ම තහනම් බව පාරිභෝගික අධිකාරියේ සහභාපති හසිත තිලකරත්න මහතා පැවසිය.
මෙම නිතිය ඊයේ (10) සිට ක්‍රියාත්මක වේ.
පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 169 ක් ද , කඩල කිලෝවක රුපියල් 169 ක් ද , වියළි හාල්මැස්සන් කිලෝව රුපියල් 410 ක් ද කට්ට කරවල කිලෝව රුපියල් 1100 ක් හා සාලයා කරවල රුපියල් 425 ක් වශයෙන් මිල නියම කර ඇත.

