(දයාරත්න ඇඹෝගම)
මුදුන්ගොඩ ප්‍රදේශයේ අත්හැර දමන ලද පාලු නිවසක තනිව නිදා සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු අද |(14)දින කිසියම් පිරිසක් විසින් පොරොවකින් පහරදි ඝාතනය කොට ඇතැයි හුරිගස්වැව පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ හුරිගස්වැව,මුදුන්ගොඩ පදිංචිව සිටි නිලම්බුවාගේ තුසිත කුමාර(32)හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා ප්‍රදේශයේ හොරකම් සිදුකිරිම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අයෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා මුදුන්ගොඩ ප්‍රදේශයේ පාලු නිවසක නිදා සිටියදි කිසියම් පිරිසක් විසින් ඝාතනය කොට තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රශ්න කිරිම සදහා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හුරිගස්වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.

