පාස්පෝට් ලක්ෂ පහක් හදිසියේ මිලට ගනී


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදයට පිළියමක් ලෙස විදේශමන් බලපත්‍ර ලක්ෂ පහක් හදිසියේ මිලදී ගැනීමට රජය තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙම මිලදී ගැනීමට අදාළ කටයුතු ආරම්භ කර ඇති බවත් සඳුදා මෙය පුවත්පත්වලින් ප්‍රකාශයට පත්කරන බවත් ඔහු කීවේය.

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට දින වෙන් කරවා ගත හැකි බව පැවසූ අමාත්‍යවරයා හදිසි අවශ්‍යතාව වෙනුවෙන් විදේශ ගමන් කඩිනමින් නිකුත් කිරීමට පහසුකම් සලසා ඇති බවත් සඳහන් කළේය.