පාස්පෝට් කන්තෝරුව සඳුදා සිට බත්තරමුල්ලේ


වඩාත් කඩිනම් හා කාර්යක්ෂම සේවාවක් මහජනතාවට ලබා දීමේ අරමුණෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය ලබන සඳුදා (29) සිට බත්තරමුල්ල පිහිටි සුහුරුපාය නව ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ 10ල පුංචි බොරැල්ලේ, ආනන්ද රාජකරුණානායක මාවතේ පවත්වා ගෙන ගිය ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (26) සිට වසා තැබෙන අතර අද උදෑසන සිට එහි තිබු බඩු භාණ්ඩ ප්‍රවාහනයට සිරකරුවෝ පිරිසක් සහාය වූහ.

IMG_0511 IMG_0512a