(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේග රජයක් යටතේ දේශීය මෙන්ම විදේශීය දක්ෂතම ආරක්ෂක ආයතන සම්බන්ධ කර ගනිමින් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු ම දෙනා නීතිය හමුවට පමුණුවා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඉදිරියේදී කුමන ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කරන අයට වුවත් අනිවාර්යෙන් මරණිය දණ්ඩනය ලබා දීමට අවශ්‍ය නීති සම්මත කරගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන්ම තම රජයක් තුළ සිංගප්පූරුවට හා සමාන නිති රීති ගෙනවිත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් 43 ලක්ෂයක් මේ රටේ පාසල් දූ දරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් වත්තල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බව පැවසුවත් මෙතෙක් පැවති රජයන් බලයට පත් වූ දින සිටම කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දේ යටගැසීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා සමහර පරීක්ෂණ වාර්තා ජාතික ආරක්ෂාව යැයි කියා එළියට නොදුන් බවත් කීවේය.
පාස්ක-ු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන වැඩපිළිවෙළ ශක්තිමත් කිරිමට දේශීය ආරක්ෂක අංශ පමණක් නොව ස්කොට්ලන්ඩ් යාඩ් ආයතනය, ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය වැනි ජාත්‍යන්තරව ආයතන සම්බන්ධ කර ගනිමින් එයට මුල් වූ සියලුම දෙනා නීතියට හමුවට පමුණවන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
එමෙන්ම රජයක් ලෙස හොරකම, දූෂණය අල්ලස වංචාව තුරන් කිරීමට ස්ථාවර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
තම රජයක් තුළ හොරුන්ට ඉඩක් නොමැති බවත් පැවසූ විපක්ෂනායකවරයා රටට අහිමි වූ දේපල යලි ගෙන ඒමේ පනතක් සහ කළමනාකරණ අධිකාරියක් ඇති කරන බවත් ඉන්ටර්පෝල් ඇතුළු ලෝකයේ ආරක්ෂක ආයතන සමග සම්බන්ධ වී හොරුන් මෙන්ම ඔවුන් හොරාකාපු සම්පත් යලි ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම රටේ ලක්ෂ 220ක් සියලු දෙනා එකට එක්තු කරගනිමින් රට ගොඩ නගන මහා ජාතික විප්ලවයකට රට ගෙනයන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.

