පාසලේ වහලය කඩා වැටී සිසුන් 15 කට තුවාල


(මොහොමඩ් ආසික්)

වත්තේගම සිරිමල්වත්ත මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ  ගොඩනැගිල්ලක වහලයේ කොටසක් කඩා වැටීම නිසා එම අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ ඉගෙනුම ලබමින් සිසුන් 15 දෙනෙකු සහ ගුරුවරියක තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය සහ කුණ්ඩසාලේ  අධ්‍යාපන කලාප කාර්යාලය මගින් පරීක්ෂණ පවත්වනු ලබයි.