පාසලෙයි ඇල්ල පාමුලයි සිරුරු දෙකක්


පිරිසිදු කිරීම් ආයතනයක සේවිකාවකගේ (43) සිරුරක් බම්බලපිටියේ පාසලක ගබඩා කාමරයකින් සොයාගත් බව පොලිසිය කියයි.

කිරුළපනේ පදිංචි එම සේවිකාව පසුගිය සෙනසුරාදා පාසලේ සේවයට පැමිණ ඇතැයිද කියති.

මේ අතර හපුතලේ දියලුම ඇල්ල පාමුලින් තරුණියකගේ සිරුරක් සොයාගත් පොලිසිය ඇල්ලෙන් වැටෙන්නට ඇතැයි සිතන තරුණයකුගේද සිරුරක් සොයාගැනීමට වෙහෙසෙයි. මොවුන් දෙදෙනා ඇල්ලෙන් පනින්නට ඇතැයි සැකයක්ද පවතින බව පොලිසිය පවසයි.