පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර 16දා දක්වා


(යොහාන් භාසුර)

පාසල් දරුවන්ට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ කාලය මේ මස 16 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම කාලය තුළ පාසල් දරුවන්ට දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කරන ලෙස සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.