
(අජන්ත කුමාර අගලකඩ)
ලබන 23 වැනිදා පාසල් විවෘත කෙරෙන ප්‍රදේශවල සිසුන් බස් රථවලින් ප්‍රවාහනය කිරීම සහ පාසල් වෑන් රථ සේවය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ නිර්දේශ මාලාවක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඊට අදාළ චක්‍රලේඛයක් අද (19) මධ්‍යම රාත්‍රියේදී නිකුත් කිරීමට නියමිත ය.
අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (19) පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම, ලංගම සභාපති කිංස්ලි රණවක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එම සාකච්ඡාවට එක්ව සිටියහ.

