පාසල් සිසුන් අතර ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලංකාදීපයට


කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය සංවිධානය කළ "ශිෂ්‍ය සන්නාම සම්මාන 2016 " සම්මාන ප්‍රධානෝත්සවයේ දී  පාසල් සිසුන් අතර වසරේ ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි විය.

පාර්ලිමේන්තු කටයුතු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි අද (22) පැවති සම්මාන උළෙලේ දී එම සම්මානය ලංකාදීප පුවත්පතේ ව්‍යාපාරික කර්තෘ චමින්ද මුණසිංහ මහතාට පිරිනැමිණි.

webDSC_2094